Friday, July 27, 2012

"සුවමන අරණ"


"සුවමන අරණ"

"සුවමන අරණ" ඔබගේ නොසන්සුන් සිතට සහනය ලබාදෙනු  පිණිස නිර්මාණය වූවකි.  උපදේශනය හා මනෝ විද්‍යාත්මක ගැටලු විසඳා ගැන්මට අත්වැලක් වීම අරමුණු කොට ගෙන කෙරෙන උපදේශන සේවාවන් ඔස්සේ සැකසෙන්නකි.

ඔබ සිත් තැවුලින් හෝ අවුල් වූ මනසකින් වෙසෙන්නේ නම් "සුවමන අරණේ" සිසිලසින්, සෙවනින් ඔබගේ දැවෙන සිත නිවා ගන්නට උපදේශන සේවාවන් ලබා ගත හැක. එසේම නවතම උපදේශන ක්‍රමවේදයන්ට අනුකූලව ලියැවෙන අර්ථාන්විත ලිපිද වරින් වර මෙහි පළකරන්නට අදහස් කරමු. එමගින් සුහද සාකච්ඡාවන්ට ද එළැඹීමටද කාලය සොයා ගන්නට අපි අදහස් කර සිටිමු.

අන්තර්ජාලය ඔස්සේ හෝ තැපෑලෙන් හෝ ඊ මේල් මගින් උප්දේශන සේවාවන් ලබ ගත නොහැක. ඒවා කිසිසේත් ප්‍රායෝගික නොවන බැවිනි. එහෙත් එමගින් පළපුරුදු උපදේශන සේවාවන්ට ඔබව යොමු කළ හැක.
අපි උපදේශනය පිළිබඳව මදක් කතා කරමු. සැබවින්ම උපදේශනය යනු කුමක්ද?
  • උපදේශනය යනු ප්‍රතිකාරය, නිවාරණය හා සන්වර්ධනය යන ත්‍රිවිධ අරමුණු පදනම් කරගත් මූලික සෞඛ්‍යය සේවාවකි.
  •  උපදේශනය මගින් තම කුසලතා වර්ධනය කරගත් හැකි වන අතරමානසික පීඩාවන් පාලනය කර ගැනීම තුලින් සතුටින් ජීවත් වීමට හා සමස්ත පුද්ගල වර්ධනයද සාක්ෂාත් කර ගත හැකි වනු ඇත.
  • උපදේශනය මගින් තම ගැටළු විසඳා ගැනීමට හැකි වෙයි. එසේම තම ගැටළු විසඳා ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ශක්තිමත් කර ගත හැකි වෙයි. එය ස්වීයත්වය වැඩි දියුණු කර ගැනීමයි. එපමණක් නොව එමගින් තමා කවුද? තමාට කළ හැකි දේ කුමක්ද? යන්න නිරවුල්ව හඳුනා ගත හැකිවෙයි.

නිරන්තර ආතතියෙන් හා අසහනකාරී සිතුවිලි වලින් සිරවී සිටීමෙන් ඔබට වන හානිය මෙන්ම අයහපත පිළිබාන්දව ඔබ දන්නවාද?
  • සතුට, සැනසුම  ඔබ තුළින් පලා යයි.
  • විවිධ රෝගාබාධ වලට ලක් වෙයි.
  • ආත්ම විශ්වාසය හීන වෙයි.
  • ඉක්මණින් අමතක වෙයි.
  • ජීවිතය පිළිබඳව අශුභවාදීව සිතන්න පෙළඹෙයි.

මේ අසහනකාරී තත්ත්වයන්ගෙන් මිදීමට නම් ඔබගේ දුක දුක් ගන්න කෙනෙකුට, දුක අසන්නට සූදානම් කෙනෙකුට පැවසිය යුතුයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?

ඔබට සහය වන්නට අප සූදානම්.

අපට ලියන්න. suwamanaarana@rocketmail
.com